Monday, March 12, 2012

පැටියා කාලෙ සංගීතෙ අතගාපු හැටි..!!!


ඔන්න ඉතින් ඇත්තටම කිව්වොත් පූරුවෙ පිනකට මම කලා පවුලක ඉපදුනා කියමුකෝ.මගේ තාත්ත එතකොට සංගීත සර් කෙනෙක්.අම්මා නැටුම් මිස් කෙනෙක්.ඉතින් පුංචි කාලෙ මගේ කන් දෙකම පිරිල තිබුනෙ ස..රී...ග...ම... වලිනුයි තෙයියත් තෙයියත් තාම් වලිනුයි තමයි.සංගීතෙ නම් පොඩ්ඩ පොඩ්ඩ පුලුවන් වුනාට මට අදටත් නටන්න නම් බෑ හොඳේ... හේ හේ..

ඉතින් ඔන්න මාව ලැබිල අම්මගෙ නිවාඩු එහෙම ඉවර වුනාට පස්සෙ දහ අතේ හෙව්වත් මාව බලාගන්න කෙනෙක් ලැබුන්නෑලු
ඉතින් අම්ම මාවත් වඩාගෙන ඉස්කෝලෙට යනවා.ගිහින් මාව නැටුම් කාමරෙන් නිදිකරලා ළමයින්ට උගන්නනවා.
ඒ වුනාට බෙර ගහනකොට මොන බබාද නිදාගෙන ඉන්නෙ?
 මම නැගිටල හතර වටෙන්ම ගේම ඉල්ලනකොට අම්ම මාව වඩාගෙන ළමයින්ට උගන්නනවා.
ඉතින් මට උඩරට, පහතරට, සබරගමු වන්නම් වල මෙලඩීස් හොඳට මතකයි.


අපේ තාත්ත ගෙදර පන්ති කරනවා.පැදුරු එලල ඒව උඩ තමයි ළමයි වාඩි වෙලා වයලින් ගහන්නෙ.
තාත්ත ළමයින්ගෙ ඉස්සරහින් පැදුරක් දාගෙන වාඩි වෙනවා.
ඉතින් මාත් පොඩි කමට තාත්තගෙ පැදුරෙන් ම වාඩි වෙනව.(එතකොට මට අවුරුදු 3ක් 4ක් ඇති මගෙ හිතේ).
අයියල, අක්කලට කියාදෙන රාග මාත් අහගෙන ඉන්නවා.
ඉතින් පන්තිය ඉවරවෙනකම් මම නෙමේ පැදුරෙන් නැගිටින්නෙ.
ඉතින් ඔන්න ඔහොම මම ගුරුවරයාව බය කරගෙන බලෙන් ම පෙරදිග සංගීතය ඉගෙන ගත්තා.
කොහොමින් කොහොම හරි ස්කෝලෙ  සිලබස් වලට අදාල හින්දුස්ථානි රාග ටික මම මොන්ටිසෝරි යන්නත් කලින් ම ඉගෙන ගත්ත.හේ හේ....

ඕන්න ඔහොම මම කලාවට හෙමීට හෙමීට ආස වුනා.
ඇටිකිච්ච කාලෙදි මට බටනලා පිඹින්න නම් බෑ.(ගොඩක් අය මාව අඳුනන්නෙ බටනලා කාරයෙක් හැටියට.හික්ස්...)





මම ඒ කාලෙ කරේ කී බෝඩ් ගහන එකයි හෙමීට සින්දු කියන එකයි තමයි.සින්දු, කවි කිරීමේ විශේෂ හැකියාවක් මට ඒ දවස්වල තිබුනා.(තාමත් තියෙනවා).
ඔන්න ඔය විදියට මගේ ජීවිතේ මුල් අවුරුදු 3-4 ගත වුණා.ඊලඟ පෝස්ට් එකෙන් මගේ මොන්ටිසෝරි ආතල් ගැන ලියන්නම් හොඳේ..ස්තූතියි

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More