මට කාගෙ හරි හොඳ බ්ලොග් එකක් දැක්කම මටත් මේ වගේ බ්ලොග් එකක් කරන්න තිබුණ නම් කියල හිතෙනවා.ඉතින්මම හැමදාම කරන්නෙ බ්ලොග් එකක් පටන් ගන්නවා, පොස්ට් 1ක් 2ක් දානවා; එච්චරයි.
ඇත්තටම ඉතින් මට තියෙන වැඩ රාජකාරි වල හැටියට බ්ලොග් එකක් කරන්න වෙලාවක් කොහෙන්ද? (බොරුවට..!! )
හැබැයි ඇත්තකුත් නැත්තෙම නෑ. උසස් පෙල ඉවර කරාට මොකෝ මම තාමත් සතියට දවසක් 2ක් ඉස්කෝලෙ යනවමයි ඔය මොනව හරි සමාජ සේවයකට :p
ඊලඟට යාලුවො එක්ක බෑන්ඩ් ගහන්නයි එක එක කොන්තරාත්තු වලට යන්නයි ගියාම ගෙදරට වෙලා නිදහසේ බ්ලොග් එකක් ලියන්න වෙලාව හොයාගන්න එක අමාරු වැඩක්.
ඒක නෙමේ ඔය වල්පල් වැඩක් නෑ.මම කෙලින්ම මාතෘකාවට බහින්නම් කෝ.
මම ගමේ ඉස්කෝලෙන් රිච්මන්ඩ් ආපු කොල්ලෙක් හැටියට බෙදා හදා ගන්න ගොඩාක් අත්දැකීම් තියෙනව.
ඉතින් මට හිතුණා මේ පාර නම් බ්ලොග් එකක් දිගටම කරනවා කියල. ඒකයි මේ බ්ලොග් එක පටන් ගත්තෙ.
සමහරවිට කෙනෙක්ට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන් බ්ලොග් එකට "සංගීත කාමරේ" කියන නම දැම්මෙ ඇයි කියල.මේකයි...මම ඉපදුන මොහොතේ ඉඳන් මේ වෙනකම්ම මගේ ජීවිත කෝච්චිය දිවුවෙ සංගීත පීලි උඩ.
ඉතින් මගේ අත්දැකීම් බෙදාගන්න ලියන මේ බ්ලොක්කයට ඒ විදියෙ නමක් වැටුණා.
මම හිතාගෙන ඉන්නෙ මගේ අත්දැකීම් ... ඒ වගේම මට හිතෙන දේවල් මේ අඩවියේ පළ කරන්න.
ඔය අත්දැකීම් කිව්වම එක එක විදියෙ අත්දැකීම් තියෙනව.
ඉස්කෝලෙ යන්න ඉස්සර පුංචි කාලෙ අත්දැකීම්, මොන්ටිසෝරි ආතල්,මුල් ඉස්කෝලෙ අත්දැකීම්, ගාල්ල රිච්මන්ඩ් එකට ආවට පස්සෙ වෙච්ච දේවල්, ඉගෙනගත්තු හැටි, මියුසික් කරපු හැටි වගේම ඉන්ටනෙට් මනී වගේ දේවල් ගැනත් මෙම බ්ලොක්කයේ පල කරන්න මගේ හිතේ තියෙනවා..
ඉතින් දිගින් දිගටම ලියන්න මාව දිරිමත් කරන වැඩේ ඔන්න ඔයාලට භාරයි හොඳේ....!!! :D





0 comments:
Post a Comment